Thursday, April 29, 2010

වළාකුලක් ගෙන මුවා කරමු හිරු...

මේ පින්තූරය ගත්තෙත් මාලදිවයිනේ හින්නවාරු දූපතේදී.මේ ටිකේ ගන්න පින්තූර ඔක්කොම වගේ මාලේ තමයි.හවස 4 ට විතර ගත්තේ.ලොකු වැහි වළාකුලක් තමයි තියෙන්නේ...ඈතට හොඳටම වහිනවා...ඒ අස්සෙන් ඉරත් පායලා.මටනම් හරිම ලස්සනට පෙනුනා.ඔයාලත් බලන්නකෝ...




Wednesday, April 28, 2010

සැඳෑ කලුවර...

මේ පින්තූරය මම ගත්තේ මාලදිවයිනේ හින්නවාරු කියන දූපතේ දී.හවස හය හමාරට විතර.යොද ගත්තේ sony w220කියන කාර්යාලයේ පාවිච්චි කරන කැමරාව.එදා හරිම ලස්සනට වලාකුලුඅතරින් හැන්දෑ ඉර එලිය වැටිලා තිබුනා...


ආයුබෝවන්...

මට හිතුනා මම කැමති පින්තූර එකතුවක් අන්තර්ජාලයට එකතු කරන්න ඕනි කියලා...ඔන්න අද ඉඳන් ඉඩක් ලැබුනු ගමන් මගේ කැමරාවෙන් ගත්තු පින්තූර "කැඩපතක සේයා" වෙබ් අඩවියට එකතු කරනවා...