Wednesday, May 26, 2010

බෙලිහුල් ඔය...

මේ බෙලිහුල් ඔය...කොලඹ බදුල්ල පාරේ බලන්ගොඩ නගරය පහු කරලා කිලෝමීටර් 12ක් විතර ගියාම බෙලිහුල් ඔය හම්බවෙනවා.නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.බෙලිහුල් ඔය තානායමත් මේ ලඟම තියනවා. මේ පින්තූරය් ගත්තේ උදේ 10 ට විතර.ලංකාව තරම් ලස්සන වෙන රටක් කොයින්ද....

Monday, May 10, 2010

නිසල දිය...

ලංකාවේ ඉන්න අපිට නම් මේ වගේ දසුනක් බලන්න පුලුවන් වැවක් ලඟට ගියොත්.ඒත් මේ නම් වැවක් නෙමෙයි.මේ මහ සයුර.පුංචි ලංකාව වටේ තියෙන ඉන්දියන් සාගරයම තමයි.බලන්න කොයි තරම් නිසලද කියලා...මේත් මලදිවයිනේ හින්නවාරු දූපතේ දී ගත්තු පින්තූරයක්...

Publish Post

Monday, May 3, 2010

ලෝකේ උසම ගොඩනැඟිල්ල

ම්...ඔය තියෙන්නේ ලෝකේ උසම ගොඩනැඟිල්ල.නම තමයි බ'ජ් ඩුබායි(Burj Dubai).ඕක හදලා තියෙන්නේ ඩුබායි වල.මම මේ පින්තූරය ගත්ත කාලේ ගොඩනැඟිල්ල හදමිනුයි තිබුනේ.දැන්නම් වැඩ ඉවරයි කියලා තමයි ආරන්චිය.

Saturday, May 1, 2010

රම්බොඩ උමඟ...

මේ පින්තූරය ගත්තේ දැනට මාස 8 කට විතර කලින් මගේ සේවා ස්ථානයේ මිතුරන් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් යන ගමන්.මේ රම්බොඩ උමඟ ඇතුලේ ඉඳන් ගත්තු එකක්.මේ පින්තූරය ගන්න යොදා ගත්තේ canon ixux 80 කැමරාව.මේ මම හරිම කැමති පින්තූරයක්.